Friday, July 30, 2010

Networking පාඩම 05 (switch & hub )



විශේෂ දෙයක් තියෙනවා කියන්න.අපි Networking විතරක් ඉගැනගත්තට මදි එවයේ අරක්ශාව(security) ගැනත් ඉගෙන ගතයුතුයි.එය ගැන කැමති අයට මේතනින් පුලුවන් එ ගැන ඉගෙන ගන්න.

මම අද කියන්න යන්නේ networking පාඩම් මලවේ තවත් විශේෂ කොටසක්.switch and hub ගැනය.මුලින්ම කියන්න ඔනේ මං networking හරියට දන්නේ නැතුව ඇති එත් මං දන්න විදියට ලියනවා.මගේ බ්ලොග් එක බලන ඔයලට බොහොම ස්තුතියි.

දැන් පටන්ගමු අපේ පාඩම.ස්ව්ච් සහ හබ් යන දෙකෙන්ම බොහොවිට සිදුවෙන්නේ එකමවගේ දෙයක්.නමුත් පොඩි පොඩි වෙනස්කම් කිහිපයක්ම තියෙනවා.එමනිසා අදාල අවස්ථාව අනුව තොරගන්න එක වෙනස් වෙනවා.

හබ් (hub)එක ගත්තොත් එක අයිති වෙන්නේ Physical Layer එකට.ස්විච් එක අයිතිවෙන්නේ Data Link Layer එකට.එය තමා මේම දෙක අතර අපිට දකින්න ලැබෙන ප්‍රධාන වෙනස.නමුත් ස්විච් වඩාත් ප්‍රයොගිකව භාවිතා කරන්න පුලුවන්.මොකද ප්‍රධනම කරුනම් ස්විච් එකේ memory ගබඩා වෙලා තියෙනවා.හබ් එකේ එලෙස මතකයක් ගබඩා වෙලා නැ.

මෙම උපංග දෙකෙම ප්‍රථමික අරමුන වෙන්නේ පරිඝණක කිහිපය එකතුකර පරිඝණක ජාලයක් තනා ගන්න.නමුත් වඩා කර්යක්ශම ලෙස යොදා ගනු ලබන්නේ ස්විච්.

උදාහරනයක් විදියට මෙහෙම හිතන්නකො නිවස සංකිර්නයක් තියෙනවා කියල හිතන්නකො,ලියුම් බෙදන්නෙකුත් එන්නව කියල හිතන්නකො.......ලියුමක් එනවා ලියුම්(data packet) බෙදන්න ගාවට එයා දන්නේ නැත්නම් ගෙවල් වල අංක(destination address) ඔහුට සිදුවෙනවා හැම ගෙදරකටම ගිහිල්ල අංකය හරිද කියල බලන්න.හබ් එකේ රජකාරියත් හරියට එවගේ එයට පනිවිඩයක්(data packet) ආවම එයගේ network ඉන්න හැමොටම එක යවල හරිම පනිවිඩය ලබන්න කවුද කියල තිරනය කරනවා.එක අනෙක් අයට කරන කරදරයක්..

නමුත් ලියුම් බෙදන්නා දන්නවනම් නිවෙස්වල හිමි අංක ඔහුට පුලුවන් ලැබෙන ලියුම මොන නිවසටද හිමි කියල තිරනය කරන්න.ස්විච් එකත් එ වගේ තමා මං කලින් කිවුවා වගේ ස්විච් එකේ මතකයන්(memory) ගබඩා කරන්න පුලුවන්.
ඒ කියන්නේ ස්විච් එක තුල MAC ලිපින අඩංගු වගුවක් තියෙනවා.ස්විච් එකට පුලුවන් ලැබෙන පනිවිඩ(data packet) වල ලබාගන්නා(destination host) කවුද කියල අදුන ගන්න.මේනිස අනෙක් අයට කරදර නොකර පනිවිඩ හුවමරු කරන්න පුලුවන්(low collisions).

තවද හබ්(hub) වලදි Network එකෙ බැන්ඩ් විත් එක බෙදා(share) ගන්නා නිසා(broadcast නිසා )වේගය සැලකිය යුතු ලෙස පහත වැටේ.

නමුත් ස්විච් එකෙදි එසේ නොවේ....

තවද ස්විච් එක ෆුල් ඩුප්ලෙx නිසා දත්ත ලබා ගැනිම සහ යැවිම යන දෙකම එක විට කල හැක.




නමුත් හබ් හෆ් ඩුප්ලෙx නිසා එකවිට එක දිශාවකට පමනක් දත්ත යැවිම කල හැක.



තවද අරක්ශාව(security) අතින්ද ස්විච් එතා ඉහලින් සිටි.මොකද හබ් වල broadcast නිසා දත්ත පහසුවෙන් වෙනත් කෙනෙකු සතුවිමේ හැකියාවක් පවති....


අපි දැන් බලමු ස්විච් සහ හබ් කොහොමද හැඩගසවා(configure) ගන්නේ කියලා

හරිම පහසුයි...රවුටෙර් වගේ ලොකු හැඩගැස්විම්(configure) නැ..පහත අකරයට පරිගනක 2 ක් ස්විච් එකට එකතු කර IP address ලබදිම මගින් පහසුවෙන් පරිගනක ජලයක්(Network) තනා ගත හැක..හබ් ද එසෙමය.

switch configuration :



Hub configuration :

9 අදහස්:

  1. නියමයි කොල්ලො.....
    උදාහරන පාවිච්චි කරල ලියල තියන නිසා නියමෙට තේරෙනවා..........
    දිගටම ලියන්න..........
    අපි බලනවා.........

    ReplyDelete
  2. නියමයි යාලුවා වැෙඩ් දිගටම කරෙගන යන්න.‍ කවුරැ නැතත් මම බලනවා

    ReplyDelete
  3. good post...................
    wel done

    ReplyDelete
  4. bohoma sthuthi oyala hemotama...

    ReplyDelete
  5. what are the different uses of crossover cable & straight through cable???

    ReplyDelete
  6. එළ එළ ..හොදට තේරෙන්න ලියලා තියනවා,,,දිගටම ලියන්න අපිටත් ඉගන ගන්න බැරිය...

    ReplyDelete
  7. thank you comment karapu okkotama

    ReplyDelete
  8. නියමයි "don's" දිගටම ලියන්න ජය වේවා...

    හමුවෙමු...

    ReplyDelete

ඔබට දැනුන දෙය දැන ගන්න අසයි.ඉතින් ඔබට දැනුන දේ මෙතනින් කුරුටු ගාන්න