Friday, December 24, 2010

අවසරයි සමුගෙන යන්නට...



තෙවසරක් ආදරබර
සෙනෙහස දුන්....
කදුලට හිනහව
දුකට සතුට ...
එකට එක්ව පුරුදු කල...
නුඹේ ආදරබර ඇකයෙන්
අවසරයි සමුගෙන යන්නට

Wednesday, August 25, 2010

අදුරේ ඉපදුන අහිංසක බලාපොරොත්තු

අද මම ලියන්න යන්නේ වෙනද වගේ academic post එකක් නෙමේ.මගේ හිතට දැනුන කතාවක්.පසුගිය සතියේ අපේ කැම්පස් එකේ අපේ කට්ටිය workshop (exploration club/UCSC )එකකට ගියා තන්තිරිමලේ.අපි ගියේ O/L ළමයින්ට ගණිත දැනුම ලබාදෙන්න.අපිත් එක්ක අපේ පලුමු වසරේ මල්ලිලත් සහභාගිවුනා මෙ ගමනට.අපි යනකොට තමා ඇතටම දැන ගත්තේ ලංකවේ මයිම් ගම්මානවල මිනිසුන් විදින දුක.

මං එහෙම කියන්නේ ඇත්ත එකයි.ඒ ගමේ හැම මිනිහෙකුටම කියන්න ඔවුන්ගේම කදුලු කතාවක් තියෙනවා.ඒ කතාවට ඔබෙත් හිත් ඔනුවෙනවා සත්තයි.ත්‍රස්ථවදයේන් උපරිමයෙන් බැටකැ ඔවුන් තවත් ඔවුන්ගේම ජිවිත්යකට අත්තිවරම කපයි.ඒ අහිංසක ලමයින්ගේ ඇසවල ලොකු බලාපොරොත්තු නැත.ඔවුන් ලෝකය දැක නැත.ඔවුන්ගේ ලොකුම අරමුන ග්‍රම අරක්ශකයකු විම හො ගොවිතැන කිරිමයි.එත් ඔවුන් සතුව ඊට සැහෙන්න එක්මවා ගිය දක්ශතා රැසකි.අපෙ භශාවෙන් කියනවනම් ඔවුන් සුපිරි පිටර්ය.අවශ්‍ය වන්නේ ඔවුනට අත දිම පමනි.


ඔවුන්ට ලොකු ලොකු ඉල්ලිම් නැත.ඔවුන්ට ඇත්තේ පාසලට සර් කෙනෙක් පොඩි පරිඝනක විද්‍යාගරයක් වගේ පොඩි ඉල්ලිම්.ඔවුන් අසයි අපි වගේ පරිගනකයකින් ඉගෙන ගන්න.

ඔබ හිතනවා ඇති යුද්දය ඉවර උනාම ඔවුන්ගේ ජිවිත් සුකිත් මුදිත් වෙන්න ඇති කියලා.අනේ ඒ කොලඹ එන්න සහරක් කලකන්නි පක්ශ විපක්ශ දේශපාලුවන්ට පෙන විදිය සහ අහිංසක මිනිස්සුගේ සල්ලි වලි සුර සැප විදින නිලදාරින්ට විතරයි.මං මේ දේශපලනය කතා කරනවා කියලා හිතන්න එපා.පක්ශ විපක්ශ හැමොටම මං කියන්නේ.අපේ වැඩමුලුවට ආපු සමහර ළමයින්ට 4ට කලින් යන්න ඔනේ නැත්නම් අලි ගහනවා,ගමේ වතුර පනයට සුදුසු නැ ක්ලොරින් සන්ද්‍රණය වැඩි.ගමේ බහුතරයකට වකු ගඩු ආබාධ,පුරන් වුනු කුඹුරු කරන්න විදියක් නැ කදුනු වැවු අමුනු හදල නැ,වගා කරන්න අධාර නැ.තවමත් ගමේ බොහො නඩත්තු කටයුතු වෙන්නේ පන්සලෙන් කිවුවොත් හරි.අහ් මට කියන්න අමතක වුනා අපි නවතැන් ගත්තේ තන්තිරිමලේ රජමහා විහාරයේ.ඒ පන්සලේ පෞරණික බොහොදේ බොහොමයක් තියේනව නැරඹිමට.මට කියන්න අමතක වුනා අපිත් එක්ක ගිහිපු අයව මතක් කරන්න.අපෙ කට්ටියෙ මුලුකත්වය ගත්තේ අත්තා.අනෙක් අය තමා බම්බා,කන්නා,කිරා,ලුකා,දැල්ලා,ගමයා තම 2වන වසරේ කට්ටිය.එතකොට පලමු වසරින් හුරිය,ගියා,ශියා,ලිනා,ඇමති,ලොරියා,අපේ සක්විති,හුනාසි,සැටා,ලොරිය තමා කට්ටිය.

පහල තියෙන්නේ අපේ මතකයෙන් බිදක්................................................















ඉතින් මට අන්තිමට කියන්න තියෙන්නේ අපිට පුලුවන් විදියට ඒ අයට උදවු කරමු.

Friday, July 30, 2010

Networking පාඩම 05 (switch & hub )



විශේෂ දෙයක් තියෙනවා කියන්න.අපි Networking විතරක් ඉගැනගත්තට මදි එවයේ අරක්ශාව(security) ගැනත් ඉගෙන ගතයුතුයි.එය ගැන කැමති අයට මේතනින් පුලුවන් එ ගැන ඉගෙන ගන්න.

මම අද කියන්න යන්නේ networking පාඩම් මලවේ තවත් විශේෂ කොටසක්.switch and hub ගැනය.මුලින්ම කියන්න ඔනේ මං networking හරියට දන්නේ නැතුව ඇති එත් මං දන්න විදියට ලියනවා.මගේ බ්ලොග් එක බලන ඔයලට බොහොම ස්තුතියි.

දැන් පටන්ගමු අපේ පාඩම.ස්ව්ච් සහ හබ් යන දෙකෙන්ම බොහොවිට සිදුවෙන්නේ එකමවගේ දෙයක්.නමුත් පොඩි පොඩි වෙනස්කම් කිහිපයක්ම තියෙනවා.එමනිසා අදාල අවස්ථාව අනුව තොරගන්න එක වෙනස් වෙනවා.

හබ් (hub)එක ගත්තොත් එක අයිති වෙන්නේ Physical Layer එකට.ස්විච් එක අයිතිවෙන්නේ Data Link Layer එකට.එය තමා මේම දෙක අතර අපිට දකින්න ලැබෙන ප්‍රධාන වෙනස.නමුත් ස්විච් වඩාත් ප්‍රයොගිකව භාවිතා කරන්න පුලුවන්.මොකද ප්‍රධනම කරුනම් ස්විච් එකේ memory ගබඩා වෙලා තියෙනවා.හබ් එකේ එලෙස මතකයක් ගබඩා වෙලා නැ.

මෙම උපංග දෙකෙම ප්‍රථමික අරමුන වෙන්නේ පරිඝණක කිහිපය එකතුකර පරිඝණක ජාලයක් තනා ගන්න.නමුත් වඩා කර්යක්ශම ලෙස යොදා ගනු ලබන්නේ ස්විච්.

උදාහරනයක් විදියට මෙහෙම හිතන්නකො නිවස සංකිර්නයක් තියෙනවා කියල හිතන්නකො,ලියුම් බෙදන්නෙකුත් එන්නව කියල හිතන්නකො.......ලියුමක් එනවා ලියුම්(data packet) බෙදන්න ගාවට එයා දන්නේ නැත්නම් ගෙවල් වල අංක(destination address) ඔහුට සිදුවෙනවා හැම ගෙදරකටම ගිහිල්ල අංකය හරිද කියල බලන්න.හබ් එකේ රජකාරියත් හරියට එවගේ එයට පනිවිඩයක්(data packet) ආවම එයගේ network ඉන්න හැමොටම එක යවල හරිම පනිවිඩය ලබන්න කවුද කියල තිරනය කරනවා.එක අනෙක් අයට කරන කරදරයක්..

නමුත් ලියුම් බෙදන්නා දන්නවනම් නිවෙස්වල හිමි අංක ඔහුට පුලුවන් ලැබෙන ලියුම මොන නිවසටද හිමි කියල තිරනය කරන්න.ස්විච් එකත් එ වගේ තමා මං කලින් කිවුවා වගේ ස්විච් එකේ මතකයන්(memory) ගබඩා කරන්න පුලුවන්.
ඒ කියන්නේ ස්විච් එක තුල MAC ලිපින අඩංගු වගුවක් තියෙනවා.ස්විච් එකට පුලුවන් ලැබෙන පනිවිඩ(data packet) වල ලබාගන්නා(destination host) කවුද කියල අදුන ගන්න.මේනිස අනෙක් අයට කරදර නොකර පනිවිඩ හුවමරු කරන්න පුලුවන්(low collisions).

තවද හබ්(hub) වලදි Network එකෙ බැන්ඩ් විත් එක බෙදා(share) ගන්නා නිසා(broadcast නිසා )වේගය සැලකිය යුතු ලෙස පහත වැටේ.

නමුත් ස්විච් එකෙදි එසේ නොවේ....

තවද ස්විච් එක ෆුල් ඩුප්ලෙx නිසා දත්ත ලබා ගැනිම සහ යැවිම යන දෙකම එක විට කල හැක.




නමුත් හබ් හෆ් ඩුප්ලෙx නිසා එකවිට එක දිශාවකට පමනක් දත්ත යැවිම කල හැක.



තවද අරක්ශාව(security) අතින්ද ස්විච් එතා ඉහලින් සිටි.මොකද හබ් වල broadcast නිසා දත්ත පහසුවෙන් වෙනත් කෙනෙකු සතුවිමේ හැකියාවක් පවති....


අපි දැන් බලමු ස්විච් සහ හබ් කොහොමද හැඩගසවා(configure) ගන්නේ කියලා

හරිම පහසුයි...රවුටෙර් වගේ ලොකු හැඩගැස්විම්(configure) නැ..පහත අකරයට පරිගනක 2 ක් ස්විච් එකට එකතු කර IP address ලබදිම මගින් පහසුවෙන් පරිගනක ජලයක්(Network) තනා ගත හැක..හබ් ද එසෙමය.

switch configuration :



Hub configuration :

Tuesday, July 20, 2010

Networking පාඩම 04

අද මම කියන්න යන්නේ router පද්ධතියක් කොහොමද configure කරන්නේ කියලා.උදාහරනයක් විදියට router 2ක් සහිත Network එකක් කොහොමද configure කරන්නේ කියල බලමු.පලමුව router එකක් configure කරන පිලිවල පිලිබදව දළ අදහසක් විදියට පහත ප්‍රස්ථාරය මතක තබාගන්න.



පලමුව packet tracer මෘදුකාංගය මගින්(පලමු ලිපියෙන් packet tracer ගැන සදහන් කරන ලදි )පහත ආකාරයට සරළ network එකක් හදා ගන්න




ඉන් පසු global configuration mode එකට ගොස් interface serial 0/1/0 එකට ගොස් පහත අකාරයට configure කරන්න




මෙහිදි විශේෂයෙන් කිවයුතු දෙයක් තියෙනවා serial interface කිරිමෙදි DTE සහ DCE අඩංගු interface 2 හදුනා ගත යුතුය.DCE අඩංගු interface එකට clock rate එක සම්බන්ධ කලයුතු අතර අනෙක් සියල්ල interface දෙකටම සමාවේ.

අදාල interface එක හදුනා ගැනිමට user mode එකේ sow controller serial 'port number' ගහන්න

තවද router එකකට වඩා network එකක ඇතිවිට routerයේ routing table එකේ තියෙන්නේ එයට සම්බන්ධ network address එක පමණි.එමනිසා මෙහිදි අපි routing table ට අනෙක් network address එකතුකල යුතුය.ඉතා අඩු network ගනනක් ඇතිවිට පහත අකාරයට සකස් කල හැක



පලමුව අදාල සම්බන්ද විය යුතු network address දෙවනුව එහි network mask එක තෙවනුව සම්බන්ධ විමට යයුතු interface address එක

තවද මෙහිදි pc සදහා default gateway එකතු කල යුතුය.එමනිසා network එක router එකට සම්බන්ධ port එක default gateway අකරයට ක්‍රියා කරයි.

එමනිසා PC හි default gateway ලෙස අදාල port එකේ IP එක ලබා දෙන්න.

දැන් ඔබට පුලුවන් එක PC එකක සිට අනෙක් එක ping කරන්න

routing table එකේ තියෙන එවා බලන්න user mode එකේ show ip route ලෙස යොදන්න



c-සම්බන්ධ වී තිබෙන network
s-අපි manually සම්බන්ධ කල network(Static route)

Friday, July 16, 2010

මාගේ නුබ.......


ඇ මගේය.....
මට හිමිවි ඇත...
ඇ මගේ අදරයයි..
ඇ මගේ පැතුමයි
එත් අඩම්බර නුබ.........
මා කෙමෙන් කෙමෙන්
ඔබට ලංවෙයි....
එදා වෙනතක් බැලුවද
අද හොරෙන් බලන
ඔබ දෙස මා දුටුවෙමි....
මක්ද......
මාද
හද කොනක පිරි ආලයෙන්
ඔබ දෙස හොරෙන් බලුවෙමි...
ඔබ මා තුරුලට එනතුරා මා
තාමත් මග බලයි...
ඉතින් ඇයි .............
තාමත් ආඩම්බර ලිලවෙන්
අහක බලන්නේ
දයාබර .......උපාධිය ..........#@#@#?????

Wednesday, May 26, 2010

Networking පාඩම 03 ROUTER CONFIGURATION




අද ඉදලා මං කියන්න යන්නේ networking පාඩම් මාලාවේ විශේෂ කොටසක් ගැන.ආ කියන්න අමතකවුනා..මගේ කලින් ලිපියට comment එකක් දාල තිබුනා "පරිගණක 2 විතරක් පමනක් එකට සම්බන්ධ වු විට එවා අතර දත්ත හුවමාරුවට IP address අවශ්‍ය නොවන බව.." යන්න වැරදි බව.ඇත්තේන්ම මෙහෙමයි එම පරිගනක 2 ට ip address තියෙන්න පුලුවන් නමුත් ජාලයේ තියෙන්නේ එම පරිගනක 2 පමනක් විතරක් නිසා ip addressඅ උදව්වකින් තොරව එවාට දත්ත හුවමරු කරන්න පුලුවන්...එම comment එකට බොහොම ස්තුතියි.

දැන් අද පාඩම...router මොකටද configure කරන්නේ..අපි router එකක් අලුතින් ගත්විට එහි මතකයේ(memory) කිසිවක් ගබඩාවි නැත.ඇත්තෙන්ම කියනවනම් router එකක් network එකකට යොදා ගන්නේ සරළවම කියනවනම් ip address මාර්ගය(path) සොයා ගන්න.ඉතින් ඒ සදහා router එක අපිට අවශ්‍ය විදියට පාලනය සදහා එය configure කල යුතුවේ.

ඇත්තෙන්ම අපිට ප්‍රයෝගික පරික්ෂා සදහා router,switch නැති නිසා ඒ සදහා simulater එකක් යොදා ගන්නවා.මෙතනින් එය බාගතකල හැකදැන් බලමු කොහොමද router එක configure කරන්නේ කියලා..

පලමුව simulater එක මගින් පහත අකාරයට සරල network එකක් තනා ගන්න.මට අමතක වුනා කියන්න router කියන්නේ layer 3(OSI) උපාංගයක් ඉතින් මං කලින් ලිපියක කිව්වා වගේ router හදුනගන්නේ IP address සංකල්පය පමණි.ඉතින් පරිගනක 2 දත්ත හුවමාරු කරනවා වගේ MAC address සංකල්පය router සදහා වලංගු නොවේ.



තවද router එකක් ගත්තවිට එහි පහත රුපයේ අකාරයට console port එකක් දැක ගත හැක.එයට desktop(without CPU) හෝ laptop එකක් සම්බන්ධ කිරිම මගින්router එක configure කිරිම සිදුකරයි.



පලමුව router එක යොදා ගත්විට පහත අකාරයට දිස්වේ....



step 01 :-





මෙම රහස් පද මතක තබා ගැනිම අනිවර්යවේ.

step 02 :-



පලමුව enable සටහන් කරන්න.ඉන්පසුව ඉල්ලන රහස් පදය වන්නේ step 01 ලබාදුන් privilage EXC රහස් පදයයි.

ඉන්පසුව configure terminal සටහන් කර global configuration mode එකට යන්න

ඉන්පසුව අපි පරිගනකය හා සම්බන්ධ වන port එකට අදාල interface එකට යන්න.

e.g. interface fastethernet 0/0




ඉන්පසු ip address ලෙස සටහන් කර mask එකත් සමග සටහන් කරන්න

ඉන්පසු no shutdown ලෙස සටහන් කරගන්න.

ඉන්පසු exit ලෙස සටහන් කර global configuration mode යන්න.නැවත් වරක් exit ලෙස සටහන් කර privilage EXC mode යන්න.දැන් show version ලෙස සටහන් කර router අදාල තොරතුරු නිවරදිදැයි බලාගත හැක.

show version.....



intface "interfacenamewith port and slot number" ලෙස සටහන් කර අදාල interface එකේ තොරතුරු බලා ගත හැක

e.g interface fastethernet 0/0




මෙහි FastEthernet0/0 is up ලෙස සටහන් වි ඇත්තේ පියවර 02 දි no shutdown ලෙස ලබාදුන් නිසාය.එසේ නොවුනානම් administratively down ලෙස පෙන්වයි

මෙහි line protocol is up (connected) ලෙස සටහන් වි ඇත්තේ වයරයක් මගින් එම port එකට සම්බන්ධතාවයක් ලබි ඇති නිසාය.නැත්හොත් line protocol is down (disabled) ලෙස පෙන්වයි.


අවසනයේ සම්බන්ධ කරනලද පරිගනකයේ terminal එක ලබාගෙන ping "ip address" ලෙස ලබාදෙන්න එවිට පහත අයුරු දිවේ.
e.g ping 192.168.10.11





අදාල පරිගනකයේ ip address,MAC,etc වැනි දත්ත බලා ගැනිමට windows වලනම් ipconfig or ipconfig /all ද linux වලනම් ifconfig ද සටහන් කරන්න

Sunday, May 16, 2010

networking පාඩම 02 OSI layers

network ගත්විට එහි කර්යක්ෂම තාව පවත්වා ගැනිම් සදහා ජත්‍යන්තර ප්‍රමිතියක් හදුන්වා තිබෙනවා.එමනිසා ලොකයේ පවතින සැමnetworking උපාංගයක්ම මෙම ප්‍රමිතිය අනුගමනය කිරිම අනිවර්යවනවා.Open System Interconnection(OSI) ලෙස මෙය හදුන්වයි.එමනිසා network එකක් කොටස් 7 කට බෙදා තිබෙනවා

1.physical layer
2.data link layer
3.network layer
4.transport layer
5.session layer
6.presentation layer
7.application layer

physical layer



මෙම layer දි ප්‍රධාන වශයෙන් සිදුකරන්නේ වෙනත් network එකක සිට ලැබෙන සහ එම network මගින් වෙනත් network එකකට ලබාදෙන දත්ත පාලනය කිරිම.තවද දත්ත සම්ප්‍රෂණය වන විට සිදුවන ක්‍රියා පටිපාටිය සහ ඒ සදහා අවශ්‍ය අතුරු මුහුනත සකස් කිරිම සිදු කරයි.එමෙන්ම මේ layer එක තිරණය කරනවා තත්පරයක් තුල දත්ත ගමන් කරන වේගය.තවද network එකට සම්බන්ධක(connectors) සම්බනධ වි තිබෙන්නේ මෙම layer එකේදිය.එම නිසා මෙය තිරණය කරනවා මොන සම්බන්ධතාවය(connection) තුලින්ද අදාල දත්තය ගමන්කලයුත්තේ කියලා.

2.data link layer



මෙම layer එකෙදි ප්‍රධානම කාර්ය වන්නේ physical layer එකෙදි ලැබෙන අමු(raw) දත්තය ෆ්‍රම්(frame) එකකට සකස් කර ගැනිම සහ network layer එකෙන් ලැබෙන දත්ත පැකේට්(packet) ෆ්‍රම්(frame) එකකට දාගැනිමයි.දත්ත පැකටය ෆ්‍රම් එකකට දා ගැනිමෙදි එයට ෆ්‍රම් හෙඩෙර්(header) එක සහ ටෙල්(trailer) එක එකතු කිරිම සිදුකරයි.ෆ්‍රම් හෙඩෙර් එක මගින් යවන්නාගේ සහ ලබන්නාගේ physical address(MAC) එක අන්තර්ගතවේ.

තව දුරටත් ෆ්‍රම් ගැන ඉදිරියට කියන්නම්..

3.network layer


network එකට ip address යන සංකල්පය එකතුවෙන්නේ මෙම layer එකේදිය.එනම් network එකක ip address හදුනාගැනිමේ හකියව ඇත්තේ මෙම layer දීය.එකම network එකක නොපවතින හොස්ට්(host) දෙකක් හදුනා ගැනිම සදහා ip address සංකල්පය යොදා ගනි.මෙහිදි තවද ip address එහි බිට් ආකරය(bit pattern) අනුව කොටස් වලට බෙදනු ලබයි.ඒ පිලිබදව ඉදිරියට කියන්නම් :)..

ඊට ඉහලින් ලැබෙන දත්තයටip header එක එකතු කිරිම සිදුකරන අතර පහල layer එකෙන් ලැබෙන physical address මගින් ip address ලබා ගැනිමද සිදු කරයි.

සමන්‍ය හොස්ට්(host) දෙකක් සමන්‍ය විදියට සම්බණධ වි ඇතිවිට ip address(network layer) යන සංකල්පය අවශ්‍ය නොවේ

4. transport layer



මෙම layer එකෙදි ප්‍රධානමවශයෙන් සලකා බලන්නේ layer අතර පණිවිඩ හුවමරුව පිලිබදවයි.
මෙම layer එක ඉහල layer හා පහල layer අතර පණිවිඩ හුවමරු පාලමක් ලෙස ක්‍රියා කරයි.එනම් ඉහල හො පහල layer මගින් ලැබෙන දත්ත එවයේ ස්වාභාය අනුව වර්ගීකරණය කරයි.මෙහිදි segment යන සංකල්පය හදුනා ගත හැක.එනම් port addressing මෙහිදි සිදුවේ.පහල layer සිට පණිවිඩය ලැබුන විට එය ඉහළ layer මොන port එකට සම්බන්ධ විය යුතුදැයි සොයා බලන්නේ මෙම layer එක මගිනි.



5.session layer



මෙහිදි සංනිවෙදනය කරන host අතර dialog ,synchronize පලනය කිරිම සිදු කරයි.එනම් එකම host එකෙන් එකම පණිවිඩය එක server host එකකට යවනවිට එවා session ලෙස වෙන කරගනි


6.presentation layer

syntax සහ semantics පාලනය සිදු කරයි.තවද පහත layer වලින් ලැබෙන දත්තය භාවිතාකරන්නාට තෙරුම් ගත හැකි පරිදි පරිවර්තනය කරයි

7.application layer
භාවිතා කරන්නා network සම්බන්ධ වන්නේ මෙම layer එකේදිය.